අද තොරතුරු තාක්ෂණය වේගයෙන් දියුණු වන ලෝකයක, පරිගණකයක් මිලදී ගැනීම යනු සරල තීරණයක් නොවේ. එමෙන්ම පරිගණකයක් යනු අපගේ දෛනික ජීවිතයේ වෙන් කළ නොහැකි කොටසකි. බොහෝ දෙනෙක් මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් භාවිතා කරන ලද (Used) පරිගණක මිලදී ගැනීමට පෙළඹෙති. විශේෂයෙන් භාවිතා කරන ලද Used Desktop පරිගණකයක් මිලදී ගැනීමේදී, මූලික වශයෙන් අඩු මිලක් පෙනුනද එය දිගුකාලීනව ඔබට අවාසි ගෙන දිය හැක. නමුත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 12 ක පළපුරුද්දක් සහිත විශේෂඥයින් ලෙස CyBeHive අප පෙන්වා දෙන්නේ, බැලූ බැල්මට පෙනෙන ලාභයට වඩා එහි සැඟවුණු අවාසි සහ අවදානම් බරපතල විය හැකි බවයි.
භාවිතා කළ පැරණි පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ ඔබ අවධානය යොමු කළ යුතු වැදගත් සාධක කිහිපයක් පහත දැක්වේ:
දුර්වල කාර්යසාධනය සහ නොගැළපීම (Low Performance & Compatibility):
- පැරණි Hardware වල කාර්යක්ෂමතාව කාලයත් සමඟ අඩු වේ.
- නවීන මෘදුකාංග සහ Windows 11 වැනි මෙහෙයුම් පද්ධති නිසි ලෙස ධාවනය නොවීම ඔබගේ දෛනික කාර්යයන්ට බාධාවක් වේ.
- එකවර වැඩ කිහිපයක් (Multitasking) කිරීමේදී පරිගණකය මන්දගාමී වීම (Lagging) සාමාන්‍ය දෙයකි.
- එමෙන්ම නව මෘදුකාංග සංස්කරණ සඳහා අවශ්‍ය Firmware හෝ Driver updates ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔබ නිතරම තාක්ෂණික ගැටලුවලට මැදි වනු ඇත.
- නව උපාංග සමඟ Compatibility ගැටළු ද ඇතිවිය හැකි අතර, ඔබට printers, external drives හෝ USB-C devices භාවිතා කිරීමේදී ගැටළු ඇති විය හැක.
ආරක්ෂක අවදානම් (Security Risks):
- මෙය අතිශය වැදගත් සහ ඉතාමත් තීරණාත්මක කරුණකි. පැරණි පරිගණක සඳහා නව ආරක්ෂක යාවත්කාලීනයන් වන Security patches සහ bug fixes නොලැබීම නිසා ඔබගේ පැරණි පරිගණකය Malware, Ransomware සහ විවිධ සයිබර් ප්‍රහාරවලට ඔබේ දත්ත පහසුවෙන් ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතී.
දෘඩාංග බිඳ වැටීම් සහ නඩත්තු පිරිවැය (Hardware Failure):
- Hardware Failure අවදානම ඉහල යෑමෙන් Motherboards, Hard disks, RAM සහ Graphic cards වැනි උපාංග බොහෝ කාලයක් භාවිත කර ඇති බැවින් කාලයත් සමඟ එහි electronic පරිපථ දුර්වල වන අතර ඕනෑම මොහොතක අක්‍රීය වීමට ඉඩ ඇත.
- එමෙන්ම පරිගණකයේ cooling systems හොඳින් ක්‍රියා නොකරන අවස්ථා ඇත එවිට අධික උෂ්ණත්වයක් නිපදවනු ලැබේ එය පරිසරයටද වක්‍රාකාරව හානිදායක වේ.
- තවත් වැදගත් කරුණක් වන්නේ විදුලි පරිභෝජනය වැඩි වීමයි. පැරණි පද්ධති වැඩි විදුලියක් භාවිතා කරන අතර එය දිගුකාලීනව ඔබගේ වියදම් වැඩි කරයි.
- පැරණි පරිගණකවල RAM ධාරිතාව (Capacity) වැඩි කිරීමට නොහැකි වීම හෝ සිමා සහිත වීම.
- නවීන CPUs support නොවීම.
- USB 2.0 වැනි පරණ ports භාවිතා කිරීම නිසා performance සහ data transfer වේගය අඩුවීම
- එමෙන්ම වෙළඳපොලේ මේවාට ගැළපෙන අමතර කොටස් සොයා ගැනීම ද දුෂ්කර මෙන්ම මිල අධිකය.
(උදාහරණයක් ලෙස, ඔබ DDR2 හෝ DDR3 තාක්ෂණය සහිත පරිගණකයක් ගත්තොත්, එය අද පවතින DDR4 හෝ DDR5 මට්ටමට ගෙන ඒම කළ නොහැක්කකි.)
වගකීමක් සහ නැවත විකිණීමේ අගයක් නොමැති වීම (Warranty & Low Resale Value):
- භාවිත කළ පරිගණක සඳහා නිෂ්පාදකයාගේ වගකීම (Manufacturer Warranty) හිමි නොවේ. බොහෝ විට ඔබට නැවත විකුණුම්කරුවන්ගෙන් ලැබෙන්නේ මාස කිහිපයක සීමිත වගකීමක් පමණි.
- එසේම, කෙටි කාලයකින් මෙවැනි පරිගණකයක් නැවත විකිණීමට ගියහොත් එයට ලැබෙන වටිනාකම ඉතා අවම වේ.
අවසානයේ, මූලික පිරිවැය අඩු වුවත්, සැගවුණු වියදම් (Hidden Costs) ලෙස repairs, upgrades සහ productivity අඩුවීම නිසා මුළු වියදම වැඩි වේ.
ඔබ දැනට භාවිතා කරන පරිගණකය හෝ ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පරිගණකය කිනම් වර්ෂයේ නිෂ්පාදනය කර තිබේද යන්න පහත ලැයිස්තුව නිරීක්ෂණය කිරීමෙන් ඔබට අදහසක් ගත හැක.
- 1st Gen (Nehalem/Clarkdale): 2008–2010
- 2nd Gen (Sandy Bridge): 2011
- 3rd Gen (Ivy Bridge): 2012
- 4th Gen (Haswell): 2013
- 5th Gen (Broadwell): 2014
- 6th Gen (Skylake): 2015
- 7th Gen (Kaby Lake): 2016
- 8th Gen (Kaby Lake R/Coffee Lake): 2017–2019
- 9th Gen (Coffee Lake Refresh): 2018–2019
- 10th Gen (Comet Lake/Ice Lake): 2019–2020
- 11th Gen (Rocket Lake/Tiger Lake): 2020–2021
- 12th Gen (Alder Lake): 2021 (Nov)
- 13th Gen (Raptor Lake): 2022 (Oct)
- 14th Gen (Raptor Lake Refresh): 2023 (Oct)
- Core Ultra Series 2 (Arrow Lake): 2024 (Oct)
- Core Ultra Series 1 (Meteor Lake): 2023 (Dec)
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 12 ක ප්‍රායෝගික පළපුරුද්දක් සහිත විශේෂඥයින් ලෙස CyBeHive අප ඔබට උපදෙස් දෙනු ලබන්නේ, ඔබ භාවිතා කරන ලද පරිගණකයක් 2026 වර්ෂයේදී මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් අවම වශයෙන් 2015 වර්ෂයේ නිකුත් වූ 6th Generation (Skylake) හෝ ඊට පසු නිකුත් වූ පරිගණක පද්ධතියක් තෝරා ගන්නා ලෙස සහ එය විශ්වාසදායක ස්ථානයකින් වගකීමක්ද සහිතව මිලදී ගැනීම වඩාත් සුදුසුය බවයි.
පරිගණකයක් මිලදී ගැනීම යනු ඔබගේ කාලය, මුදල් සහ දත්ත සඳහා කරන වැදගත් ආයෝජනයකි. එබැවින් කෙටි කාලීන ලාභයක් වෙනුවෙන් පැරණි පද්ධතියක් තෝරා ගැනීම වෙනුවට, නවීන හා විශ්වාසදායක විසඳුමක් තෝරා ගැනීම ඔබට දිගුකාලීන වාසි ලබා දේ. එමඟින් ඔබට වේගවත් බව, ආරක්ෂාව සහ දිගුකාලීන වටිනාකමක් සහතික කර ගත හැකිය. සැඟවුණු වියදම්වලට හසු නොවී, බුද්ධිමත් තීරණයක් ගෙන ඔබේ වෘත්තීය සහ පෞද්ගලික අවශ්‍යතා සාර්ථක කර ගන්න.
මෙවැනි තාක්ෂණික තොරතුරු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඕනම සේවාවක් ලබා ගැනීමට CyBeHive අප සමඟ නිරන්තරයෙන් රැඳී සිටින්න.